Followers

Wednesday, November 16, 2011

අපි බොහොම බය උණා..හිකිස්...

පාසැල් කාලය...



මම හිටියෙ 10 වසරේ අපේ පංතිය භාර ගුරුතුමියගෙ නමත්  මමත් තවත් මගේ පංතියේම මිතුරියක් හිටියා එයත් .....අපි තුන්දෙනාටම තිබුනෙ සමාන නම්. මිස් හරිම හොඳයි. අදටත් හම්බුනාම මට ආදරෙන්  කතා කරලා සුභ පතන්නේ.ඒ කෙසේ වෙතත් ඔය කාලෙට මොන මිස් ට උණත්  කාඩ් එකකින් නෙ අපේ දූවරු අමතන්නෙ.ඒක හැමොටම පොදුයි.
මිස්ට මොනවහරි කියන්න ඕනෙ වෙනකොට ඉතින් අපේ නම් ඉවරයි.මොකද නින්ද යන්නේ...මොකද තරහ ගිහින්.-----අපට බඩගිනී...මේ පීරියඩ් එක ඉවර වෙන්නෙ නැත්ද ? වගේ කතා කියන්නෙ අපේ නම් ඉස්සරහට දාලා, මං දන්නේ නෑ එවා එයට තෙරුනාද කියල....එකදවසක් සංගීත විෂයට ගිය යෙහෙලියො ටික අමුතු කතාවක් ඉගෙන ගෙන ඇවිත් .ඒක කියන්නේ එක්කෙනෙක් තවත් කෙනෙක් ට විතරයි වෙන කෙනෙක් ට අහන් ඉන්න බෑ,ඒත් එක්කම අහගෙන ඉන්න කෙන යටිගිරියෙන් හූ කියනවා....
අපේ පෙලිය තිබුනෙ පංතියෙ ඉස්සරහට වෙන්න එ නිසා මුණු මුණු ගානවා විතරයි මට  ඇහුණේ.ඉතිං දැන් මට ඉන්න බෑ.මම එහෙට මෙහෙට හැරිල බලනවා.ඒ කතාව සූ සූ ගාල පංතිය වටේ යනව සීග්‍රගාමී බස් එක වගේ. මමත් ගියා කතාව පංතියේ බෙදා හැරපු සෙනාලි ලඟට.අනේ මටත් කියන්නකො ....එයා එක සිතින් වැඩේ භාර ගත්තා...හැබයි කෑ ගහන්න බෑ.ඔය මගෙ ඇස්දෙක දිහා බලාගෙන අවදානය වෙන අතකට හරවන්නේ නැතිව ඉන්න.කතාව අහගෙන චිත්තරූප මවා ගන්න හොඳද? මෙක ජොලි කතාවක්
"එක ගෙදරක ජීවත් වෙනවා විවාහ උණ ජොඩුවක්,මෙයාලගෙ ගෙදර තිබුණේ ලොකු වත්තක් මැද.ඒ පලාත පාලුයි.අඳුරුයි.නමුත් හරි ලස්සනයි..(චිත්ත රූප මැවෙන  විදිහට  )ගෙදර විශාල පරණ දෙමහල් නිවසක්,එක් දවසක් රෑ මේ දෙන්නම නිදා ගන්න යන්න තීරණය කලා.උඩ මහලට යනකොට දොරට ගහන් සද්දයක්....ඒත් බලන්කොට කවුරුත් හිටියෙ නෑ...නැවත සද්ද්යක් ...ස්වාමියා දෙවෙනි වතාවටත් ගිහින් බැලුවා කවුරුත් නෑ.
ඔහොම එක එක දේවල් ආරළු බූරළු එකතු කරගෙන කතාව දිගට යනවා.එදා රෑ හරි සීතල දවසක්..එකපාරටම ගෙදර ලයිට් ගියා .නැවතත් සද්දයක්..ස්වාමියා ගියා දොර ලඟට දොර ඇරල බැලුවම එතන කාන්තාවක් සුදු සාරියක් ඇඳල.කාන්තාව ගෙට ආවා,වතුර ටිකක් ඉල්ලුවා..පලවෙනි වතුර වීදුරුව දෙනකොට ඒක බිම වැටුණා ,දෙවෙනි වතුර වීදුරුව ගෙනත් දුන්නා ඊට පස්සේ.ඔහු දැක්කා අර කාන්තාවගේ මැද ඇඟිල්ලක් නැති බව
ඔහු ඇහුවා මොකද ඇඟිල්ලට උනේ කියලා.අර කාන්තාව ඔහුගේ මුණ දිහා බලාගෙන ඉඳල එකපාරටම උඹ අතමයි මෙහෙම කලේ කියල බෙල්ල මිරිකන්න පනිනවා(ඒ අවසාන ටික වෙන්නේ කියන කෙනා අසන කෙනාගේ බෙල්ලට අත යවනවා.එතකොට කතාවට සම වැදිල ඉන්නවනම් උන් හිටි තැන් අමතක වෙලා කෑ ගහනවා...අපට ඕනෑ තරම් දෙවල් කතාවට එකතුකරගන්න පුලුවන්.)
කතාවට සමවැදුනු මමත් ගැස්සිලා කෑ ගැහුව කියමුකො.හොඳ වෙලාවට පංතියෙ මිස් හිටියේ නෑ.
කෑ ගැසීමෙන් කතාව ඉවරයි අපි පියවි සිහියට එනවා,අනිත් අය හිනා වෙනවා...ඔන්න දැන් මමත්  කතාව දන්නවා මං ආවා මගේ තැනට.
ඒ වෙලාවේ පංති භාර මිස් ආවේ අපට බැනගෙන පංතිය සද්ද වැඩී කියල.ඇය අපට වැඩක් පවරලා ඇයත් වැඩක යෙදිල.. එක පාරටම පිටිපස්සෙ පෙලියකින් කෙනෙක් හූ.......කීවා..මිස් ගැස්සිලා ඇහරුණාද කොහෙද....හිටගන්නවල ඔක්කොම කිසිම දෙයක් කීවට අහන්නෙ නෑ....අපි හිට ගෙන දැන්...මට පිටිපස්සෙ පේලියෙ හිටියෙ මංගලිකා කියල යෙහෙලියක්,මං ඇයට කීවා ශෝක් කතාවක්නේ ඔයා අහගත්තද කියල"අනේ සුමුදු මටත් කියන්නකො.හැබැයි කෑ ගහන්න බෑ.
කියල මං කතාව පටන් ගත්තා..හිටගෙන ඉන්න වෙලාවෙ කරන්න දෙයක් තියෙන්නත් ඕනෙ නිසා....ආ දැන් ඉඳගන්න කෑ ගහල අහුවෙන්න එපා..අපි ඉඳගත්තා..මං පිටිපස්ස හැරිල කතාව කියනවා වගේ වගක් නැතිව..එක පාරටම "බුදු අම්මෝ.... සද්දයක්....පංතියෙහ සුවිනීත ශිෂ්‍යාවො ආයෙත් හිනා වෙනවා.ඒ පාරනම් මිස්ට මල..මොකද්ද ඔය කතාව..කෝ දැන් කතා නායිකාව..මොකද හිනාවෙන්නේ ??? මමත් ඉන්නව මම නෙවේ වගේ..කතාව කියුවට කතා නායිකාව මම නෙවෙනේ.ඉඳ ගන්නවල පිටිපස්සෙ පේලිය හිටගෙන ඉන්නවල..මේක කෝලම් මඩුවක් කියල හිතුවද(පංතියෙ අහින්සකම ලමයින් ටික ඉන්න පේලිය විතරක් හිට්ටවල කෑ ගහපු සේරම ඉන්දෙව්වා) දැන් ආයමත් අපි වැඩ පටන් ගත්තා...මට එහා පැත්තෙ හිටියෙ දර්ශිකා මගේ එක් අතිජාත මිතුරියක් මුලු පාසැලේම මිස්ලව හම්බවෙලා ඇය පංතියට  එද්දි මේ හැමදේම ඉවරවෙලා.ඔන්න අපි වැඩ. දර්ශිකා ආවා චිත්‍ර පොතත් දියසායම් පෙට්ටියත් අරගෙන..ඇයටත් මම දැන් කතාව කියන්නයි සුදානම...මම කතාව කීවා,,,ඇය දියසායම් දිය කරපු පීරිසියත් බීම දමා කෑ  ගසුවාය.....හිකිස්
 පංතියේ අපි සියලු දෙනාම පේලියට   ගිණි අව්වේ හිටගෙන ඉන්නට ඉන්පසුව  සිදුවිණි

7 comments:

  1. පෙනේද මුන්ගෙ තියෙන...බ්...
    අපිනං ඔය වාගෙ දැගළුවෙ නෑ පන්තියෙදී...

    ReplyDelete
  2. හි හී... කොයිතරම් වැඩ කරල තියනවද ඒ කාලේ...

    ReplyDelete
  3. පංතියේ අපි සියලු දෙනාම පේලියට ගිණි අව්වේ හිටගෙන ඉන්නට ඉන්පසුව සිදුවිණි

    හොඳ වැඩේ හොඳම වැඩේ .....:P :P :P

    ReplyDelete
  4. කට්ටිය ඒ දවස් වල පන්තියේ කරලා තියෙන්නේ ඕවා තමයි එහෙනම්... :)

    ReplyDelete
  5. හී ..හී කාලයක් යනකන්ම අපි ඒ කතාව මතක් කරගෙන හිනා වුනා.....
    දිනේශ්...අපෝ කොඉතරම් දේවල් කලාද ඒ කාලෙදි

    ReplyDelete
  6. හරි හරි මට මතක් උනා ඒ කාලේ ගර්ල්ස් එකේ ඔහොම දවසක්ම අව්වේ දනගහගෙන කෙල්ලෝ සෙට් එකක් උන්නා වගේ මට පොඩි මතකයක් තියනවා අක්කේ... ඇත්තටම ඒ ඔයාලද?? අපිට ආරංචි උන විදිහට ඕකේ තව අඩුයි නේද කතාව මොකක්ද කියලා මිස් අහනකොට මිස්ටත් කියලා මිසුත් එහෙම හු කිවාලු නේද??

    ReplyDelete
  7. ආ..ආ එහෙමද ..මට මතක නෑනෙ එහෙම වගක්... දේවා

    ReplyDelete