Followers

Tuesday, December 13, 2011

බිඳුණු පියාපත් (7)



ජාතික රෝහලේ මෘත ශරිරාගාරයේ තිබුනු නුබේ ශරීරය හඳුනාගැනීමට  මට කිසිදු සලකුණක් නොවුනි.එය කෙතරම් වේදනා සහගත හැඟීමක්ද???
දැවී අලුවී ගොස් තිබු නුබේ දේහය දුටු විට මට දැනුනු සදාතනික වේදනාව කෙතරම්දැයි ලිවීමටත් අපහසුය....මගේ ජීවිතයේ මාදුටු අවාසනාවන්තම දර්ශනය එය විය.හඬන්නට කඳුලු නැතිවිට ජීවිතයේ ප්‍රථම හා අවසන් වතාවට මා නුබේ ප්‍රාණය නිරුද්ධ ශරීරයට වැන්දෙමි. මක්නිසාද මගේ ජීවිතයට වටිනාකමක් එක් කල,මා ආදරය කල තරමටම පෙරලා මටත් ආදරය කල මා නුඹේ ජීවන ගමනේ එකම සහකාරිය කර ගැනීමට පාරමී පිරූ එකම  පිරිමියා නුඹ බවිනි...

 වූ නුබට මා ගෞරව කල යුතු බැවිනි.නුඹ ළඟ තවත් ටික වේලාවක්  රෑඳුනේ නම් හොඳ යයි විටෙක මට සිතේ .අපේ ජීවිත කෙතරම් අනිත්‍යද?? නුඹේ කරේ නුඹ පැලඳි මාලය මා අතට පත් වූ විට සිය වතාවක් පමණ මා ස්පර්ෂ කරමින් හාදු දුන්නෙමි.ඒ තුලින් දැනුනු සැර ගන්ධය පරයා මට දැනුනේ ඔබේ ආත්මීය සුවඳයි.

 මගේ වේදනාව කාට කියන්නද ? එය දන්නේ නුඹත් මමත් පමණි.සත්‍ය ලෙසටම නුඹ මල් පහන් පූජ කොට වඳින්නට තරම් වටිනා පිරිමියෙකි.

නුඹ ලොවම අතැර ගොස් සිටියද සිතේ කොනක නුඹ නැවත එතැයි යන බලාපොරොත්තුව ඉතිරි වී තිබුනි.දන් එයද නැත.

මගේ සිත හදා ගැනීමට මගක් පෙන තෙක් මානයක මට නොපෙනේ.නුඹට මාත් මට නුඹත් කළ ආදරය කොතරම්ද??
 සෑම තැනම ඇත්තේ ඔබේ මතක සැමරුම්ය.නුඹේ කට හඬ අසන්නට නොමැතිව එක පැයක් හිඳීමට නොහැකි වූ මා මාස 03 ක් නුඹේ හඬ නෑසී සිටිමි.මා තනි වී ගොස්ය.හිත හදා ගැනීමට අපමණ උත්සහයක යෙදුනත් එය සිතනවාට වඩා දුශ්කර කාර්යකි.

නුඹේ අඩුව මට දැනේ. මා දුකින් පසු වන්නේ නුඹේ මනාලිය වන්නට නොහැකි වු දුකට නොව නුඹේ වටිනා ජීවිතය අහිමි වු නිසාවෙනි.

නුඹේ නමට කෙදිනකවත් මා අදරය නොකලෙමි.නමුත් නුඹ තුල නිදන්ගතවී සිටි අහිංසක,සුන්දර,ගුණගරුක,සරළ,මිනිසාට මම ආදරය කලෙමි.

4 comments:

  1. දුක කාලයත් එක්ක හිමීට අඩුවෙලා යයි..කාලය ගොඩක් දේ විසදනවා ....

    ReplyDelete
  2. කාලය හොඳ ඔසුවක්..එය ගොඩක් දේ විසඳුවා..මේ මගේ අතීතය..ඒ ගැන ලියන්න හිතුවා ..
    ස්තූතී මේ පැත්තේ ඇවිත් ගියාට

    ReplyDelete
  3. හ්ම්..ජීවිතයේ අහිමිවීම් වැඩියි සහෝදරී... ඒත් හැමෝටම හිමි දෙයක් තියෙනවා. ඒක වෙනස් කරන්න බෑ. අහිමි දෙයක් නම් කොච්චර ට්‍රය් කලත් ලැබෙන්නේ නෑ...

    අපිටත් හොරෙන් අපේ ජීවිත ප්‍රෝග්‍රෑම් කරලා... කවුද, කොහොමද... අනේ මන්දා ?

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete